Friday, May 10, 2024

General line - 0115112241

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කෙරේ 




20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ ප්‍රකාශ කර සිටිනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඊයේ දිනයේදී මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඊට අනුමැතිය හිමිවුවා. 

ඒ අනුව මෙම කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් සති දෙකක කාලයකට පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කරනු ලබන අතර එහිදී පවත්වනු ලබන විවාදයකින් අනතුරුව පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන ජන්දයකින් තුනෙන් දෙකක බලයෙන් එය සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය වනවා.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පහතින් :

https://drive.google.com/file/d/1tlsjya7CXC-SvgaRk6gTtbFqc0pGDNVM/view?usp=sharing