Saturday, April 27, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ගෙන ආ බීඩිකොළ තොගයක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට




මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග‍්‍රෑම් 506 ක් සමග සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාරවිල වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. 

එහිදී ඩිංගි යාත‍්‍රාවක් මගින් මෙරටට රැගෙන එන ලද ගෝනි මලූ 16 ක අසුරා තිබූ බීඩි කොල තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අදාල බීඩි කොල තොගය රැගෙනයාම සඳහා වෙරළ තීරයට පැමිණ සිටි ගැණුම්කරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේසාලේ, පන්නල සහ එළුවන්කුලම ප‍්‍රදේශයන්හි පදිංචි අවුරුදු 18 ත් 50 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් බවට හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ බීඩිකොල තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මාරවිල පොලිසිය වෙත භාර දීමට පියවර ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.