Saturday, April 27, 2024

General line - 0115112241

අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද රාති‍්‍රයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකරගෙන්.

මේ අතර, හෙට උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව ද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකියි. අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක විය හැකි බැවින් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී සිටිනවා.