Friday, May 10, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පතිවරයෙක් විශ්‍රාම යන්න සැරසේ - මීළඟ ජ්‍යෙෂ්ඨත්වය අනුව සංජීව මැදවත්ත ඉදිරියෙන්




උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මෙම මාසයේ මැද භාගයේදී විශ්‍රාම ගැනීමට නියමිතව සිටිනවා.

පද්මසිරි මුණසිංහ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳී ඇත්තේ 1982 වසරේ අප්‍රේල් මාසයේයි.

පොලිස් විශේෂ කර්ය බළකායට බැඳුණු පළමු කණ්ඩායමේ සාමාජිකයකුව සිටි පද්මසිරි මුණසිංහ 1984 වසරේ සිට වසර 14ක් එම බළකායේ රාජකාරි කර තිබෙනවා.

ඒ අනුව මීළඟ ජ්‍යෙෂ්ඨත්ව ලයිස්තුව අනුව අංක එකට නම් සටහන්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත යි.

මීළඟට ජ්‍යෙෂ්ඨත්වය මත රැඳී සිටින්නේ උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යි.