Sunday, May 5, 2024

General line - 0115112241

සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට තරගාවලියක් අහිමි කළ සිද්ධිය




සුපිරි ටෙනිස් කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකොවික් හට අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු එම තරගාවලිය සඳහා නුසුදුස්සෙකු ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් සමගයි. අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ස්පාඤ්ඤ කී‍්‍රඩකයෙකු හමුවේ නොවැක් ජොකොවික් පරාජයට පත්ව තිබෙනවා.

එම අවස්ථාවේදී නොවැක් ජොකොවික් තමන් හැඳසිටි කලිසමේ සාක්කුවකින් බෝලයක් ගෙන පිටුපසට දමා ඇති අතර එහිදී එම බෝලය විනිසුරුවරියකගේ උගුරේ වැදී තිබුණා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොවැක් ජොකොවික් අදාළ විනිසුරුවරියගෙන් සමාව අයැද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ වනවිට පිරිමි කේවළ අංශයේ ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩකයා වන්නේ ද සර්බියානු සුපිරි කී‍්‍රඩක නොවැක් ජොකොවික්.