Wednesday, May 8, 2024

General line - 0115112241

එංගලන්ත සුපිරි පිතිකරුවෙක් සමු ගැනීම ප්‍රකාශ කරයි




එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ඉයන් බෙල් ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

මෙවර එංගලන්ත ප‍්‍රාන්ත තරග වාරයෙන් අනතුරුව තමන් ක‍්‍රිකට් පිටියෙන් ඉවත් වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

38 හැවිරිදි ඉයන් බෙල් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක‍්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු වාර්තා කළ ශතක සංඛ්‍යාව 22ක්.

ඔහුට වඩා ටෙස්ට් ශතක වාර්තා කර ඇති එංගලන්ත ක‍්‍රීඩකයින් වන්නේ ඇලෙස්ටයාර් කුක් සහ කෙවින් පීටර්සන් පමණයි.