Tuesday, May 7, 2024

General line - 0115112241

බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියට කණ්ඩායම නම් කරයි - යළිත් යොවුන් ක්‍රීඩකයන් රැසකට අවස්තාව




එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සදහා මූලික ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයක් නම් කර තිබෙනවා. 

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක‍්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත්. අන්තර් සමාජ තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු දහසේ සීමාව පසු කළ ලහිරු උදාරද මූලික ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. 

යොවුන් දග පන්දු යවන ක‍්‍රීඩක දුවිදු තිලකරත්න ද එම සංචිතයට ඇතුළත්. 20 හැවිරිදි යොවුන් පිතිකරුවෙකු වන සන්තුශ් ගුණතිලක ද බංග්ලාදේශයට එරෙහි මූලික ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා. ටෙස්ට් තරග 3කට සහභාගි වීම  සදහා බංග්ලාදේශ කණ්ඩායම මෙම මස අගදී දිවයිනට  පැමිණිමට නියමිතයි. 

ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ලබන මාසයේදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව නිරෝධායන නීතීරීතිවලට අනුගතව මෙම තරගාවලිය පැවැත්වෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.