Sunday, May 5, 2024

General line - 0115112241

සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ත් ගේ පෙම්වතිය අත්අඩංගුවට 




බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් දින තුනක ප්‍රශ්න කිරීම්වලින් පසු සුෂාන්ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රීයා චක්‍රබොර්ති එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජුනි 14 වන දින සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණයේදී රීයා චක්‍රබොර්ති විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා. මිට පෙර මෙම නිළියගේ සහෝදරයා වන ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සිය පරීක්ෂණ ආරම්භ කළේ රියා චක්‍රබෝර්තී ගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාද පදනම් කරගෙන බවයි.

එම සංවාද අනුව රියා විසින් සියදිවි හානිකර ගනු ලැබූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් හට මත්ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇති බවයි. ඊයේ දිනයේදී ඇය මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඇය කියා සිටියේ තමන් යම් දෙයක් සිදුකළා නම් එය කලේ  සුෂාන්ත් වෙනුවෙන් බවයි.