Wednesday, May 8, 2024

General line - 0115112241

තරුණ සේවා සභාවේ ජාතික වොලිබෝල් සංචිතයට බඳවා ගැනීම්




ජාතික තරුණ සේවා සභාවේ ජාතික වොලිබෝල් සංචිතය සදහා බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 11 වැනි දින පෙරවරු 9.00 ට මහරගම තරුණ සේවා සභා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කාන්තා ක‍්‍රීඩා සංචිතය සදහා වයස අවුරුදු 18 අඩු උස සෙන්ටිමීටර් 165ක් වූ ක‍්‍රීඩිකාවන්ට එම සම්මුඛ පරීක්ෂණයට එක්විය හැකියි.

සම්මුඛ පරික්ෂණයට එක්වන පිරිමි ක‍්‍රීඩකයන් වයස අවුරුදු 20 ට අඩු විය යුතු අතර උස සෙන්ටිමීටර් 183 ක් විය යුතු බවයි ජාතික තරුණ සේවා සභාව පැවසුවේ. වොලිබෝල් ක‍්‍රීඩාවට දක්ෂතාවයක් ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මේ සදහා ඉදිරිපත් විය හැකියි. 

ජාතික තරුණ සේවා සභාවේ ජාතික වොලිබෝල් සංචිතය සඳහා තෝරා ගැනෙන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට වසර දෙකක නේවාසික පුහුණු පාඨමාලාවක් හා  ප‍්‍රයෝගික මෙන්ම න්‍යායාත්මක පුහුණුවක් ද ලබා දී එම පුහුණු කාලසීමාවේදී පෝෂණ දීමනාවක් ද ලබාදෙන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ක‍්‍රීඩා අධ්‍යක්ෂ ධර්මකීර්ති උක්වත්ත නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ. 

ඒ පිළිබද වැඩිදුර තොරතුරු 011 2 96 20 47 දැනගත හැකියි.