Saturday, May 4, 2024

General line - 0115112241

IPL පළමු තරගයෙන්ම වත්මන් ශූරයින් පරාජයට




ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (19) රාති‍්‍රයේ පැවති පළමු තරගයෙන් වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමට වත්මන් අනු ශූරයින් වන චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ අබුඩාබිහිදී වන අතර කිසිදු පේ‍්‍රක්‍ෂක සහභාගිත්වයකින් තොරව එය පැවැත්වීමද විශේෂත්වයක්.

ඉන්දියාවේ සීග‍්‍ර කොරෝනා ව්‍යාප්තිය ඊට හේතුවයි. 

ඊයේ රාති‍්‍රයේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුළු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ලකුණු 71 ක් රැස් කළ අම්බති රයිදු තරගයේ වීරයායි.