Friday, May 10, 2024

General line - 0115112241

නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි ඵලදායී එන්නතක බලාපොරොත්තු තවදුරටත් ප‍්‍රමාද වන ලකුණු




නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි ඵලදායී එන්නතක් ලබන වසරේ මැයි මාසය අවසන් වන විට ද නිපදවිය නොහැකි වනු ඇති බවට බි‍්‍රතාන්‍යයේ රාජකීය සංගමයේ විද්‍යාඥයින් කණ්ඩායමක් අනතුරු අඟවා තිබෙනවා. සාර්ථක එන්නතක් නිපදවීමට නම්, එන්නත් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිපදවන එන්නත් නිසි පරිදි ගබඩා කිරීම සහ තිස්දහසක පමණ පුහුණු කාර්ය මණ්ඩලයක් යන කරුණු සම්පූර්ණ විය යුතු බවයි ඔවුන් පවසන්නේ.

ඒ සඳහා පනවා ඇති නිරෝධායන සීමාවන් ක‍්‍රම - ක‍්‍රමයෙන් ලිහිල් විය යුතු බවත්, එම කි‍්‍රයාවලියට වසරක පමණ කාලයක් ගත වනු ඇති බවත් එම විද්‍යාඥයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

නව්‍ය කොරෝනා වෛරයෙන් ආරක්ෂා වීම සඳහා මේ වනවිට ලොව පුරා විද්‍යාඥයින් එන්නත් 200 ක් පමණ නිපදවා තිබෙනවා. නමුත්, එම එන්නත් නිපදවීමේ ඉතිහාසය විමර්ශනය කරන විට යම් - යම් අසාර්ථකත්වයන් පෙන්නුම් කර ඇති  බව අනාවරණය වී ඇති බවයි ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ පර්යේෂකයින් පවසන්නේ.