Friday, May 10, 2024

General line - 0115112241

පොලිස් ප්‍රධානියෙකු යළි සේවයේ පිහිටුවීම ගැන එල්ලවන විරෝධතා ගැන පොලිස් කොමිසමේ අවධානය




හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පි‍්‍රශාන්ත ජයකොඩි සේවයේ නැවත පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල වන විරෝධතා සම්බන්ධයෙන් ඉකුත්දා රැස්වූ ජාතික පොලිස් කොමිසමේදී සාකච්ජාවට ලක්ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ, අදාළ නිලධාරියාගේ සේවය නැවත පිහිටුවීම සම්බන්ධයෙන් මතු කළ විරෝධතා පිළිබඳ ඉකුත් බදාදා ජාතික පොලිස් කොමිසමේදී සාකච්ජාවට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

තමන්ට දේශපාලන බලපෑම් ඇති බව පවසමින්  ඕස්ටේ‍්‍රලියාවට පලා ගිය හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පි‍්‍රශාන්ත ජයකොඩි, යහපාලන ආණ්ඩුව සමයේ නැවත මෙරටට පැමිණි අතර පසුව ඔහු නැවත එම ආණ්ඩුව සමයේ සේවයේ පිිහිටවනු ලැබුවා. කෙසේ වෙතත්, අදාළ නිලධාරියා තමන් සේවයේ පිහිටුවන ලෙස කළ ඉල්ලීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී නොමැති බවයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ.

ඉකුත් රජය සමයේ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව, අදාළ නිලධාරියාගේ සේවය නැවත පිහිටුවා ඇති බව ද එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා. මේ වනවිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස පි‍්‍රශාන්ත ජයකොඩි සේවය කරනු ලබන්නේ පොලිස් මූලස්ථානයේයි.