Saturday, May 4, 2024

General line - 0115112241

දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන්ට, ආබාධිත රණවිරුවන්ට සහ විශ‍්‍රාමික රණවිරුවන්ට සහන දෙන ජංගම සේවයක් අද




රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වන ජංගම සේවාවක් අද සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන්. 

උදෑසන 08 සිට පස්වරු 05 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී ති‍්‍රවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්, ආබාධිත රණවිරුවන් සහ විශ‍්‍රාමික රණවිරුවන්ට සිය ගැටළු ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.