Saturday, May 4, 2024

General line - 0115112241

ජාත්‍යන්තර අමධ්‍යප දිනය අදයි - දිනය පුරා වැටලීම්




ජාත්‍යන්තර අමද්‍යප දිනය වෙනුවෙන් අදට යෙදී තිබෙනවා. 

ඊට සමගාමීව නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සොයා විශේෂ වැටලීම් අද දිවයින පුරා කි‍්‍රයාත්මක කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ පිළිබඳ කරුණු දැක්වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ.

දිවයිනේ  ඕනෑම ස්ථානයක සිදු වන සුරා අපරාධයක් සම්බන්ධයෙන් 19 යි 13 අංකය හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත තොරතුරු ලබා දෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.