Sunday, May 5, 2024

General line - 0115112241

රත්මලානේ රොහාගේ කල්ලිය සතු ගිනි අවි හමුවේ




පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”රත්මලානේ රොහා’’ නැමැත්තාට අයත් ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, කහතුඩුව හෙරලියවල ප‍්‍රදේශයේදීයි.  ඔ 56 වර්ගයේ ගිනි අවි 03 ක් සහ AK- 47 වර්ගයේ ගිනි අවියක් මෙලෙස සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

”රත්මලානේ රොහා’’ නමැත්තාගේ සමීපතමයින් 04 දෙනෙකු ගල්කිස්ස, කල්දෙමුල්ල ප‍්‍රදේශයේදී ජීව උණ්ඩ තොගයක් ද සමග පොලිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඒ, ටී 56 ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් 255 ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 04 ක් සහ මයික්‍රෝ වර්ගයේ පතරොම් 03 ක්ද සමගයි.