Thursday, May 9, 2024

General line - 0115112241

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි




ශී‍්‍ර ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්්ඞ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොණු කර තිබෙනවා.

එම නෞකාවේ කපිතාන්වරයා වන ගී‍්‍රක ජාතික තිරෝස් හිලියාස් නෞකාව තුළ ගින්න හටගත් අවස්ථාවේදී එය මැඩපැවැත්වීම සදහා ගතයුතු පියවරයන් අනුගමනය කිරීම පැහැර හැර ඇති බවටයි නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොණුකර ඇත්තේ. එම සිද්ධියට අදාළව නෞකාවේ කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමටද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.