Thursday, May 9, 2024

General line - 0115112241

යුද හමුදාවේ 71 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන් රැසකට උසස්වීම්




ජාතියේ අභිමානවත් ආරක්ෂකයා වශයෙන් මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍යය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කරන ශී‍්‍ර ලංකා යුද හමුදාව අද සිය 71 වන සංවත්සරය සමරනවා.

මෙම සාඩම්බර 71 වන සංවත්සරය වෙනුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපති වශයෙන් තමන් සිය හෘදයාංගම සුභාසිංශන එක් කරන බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මාතෘ භූමිය වෙනුවෙන් සිය වටිනා ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් සහ මානුෂීය මෙහෙයුමේදී ආබාධිත තත්ත්වයට පත් වූ සියළු රණවිරුවන් ද මෙහෙදී සිහිපත් කරන බව යුද හමුදාපතිවරයා සදහන් කළා. කෙසේ වෙතත්, රට තුළ පවතින තත්ත්වය හමුවේ යුද හමුදාවේ 71 වන සංවත්සරය සැමරීමට හැකියාවක් නොමැති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

රට තුළ අනපේක්ෂිතව නිර්මාණය වූ ආරක්ෂක තත්ත්වයේ වෙනස්කම්, හදිසි ආපදා තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන් මෙන්ම නවතම අභියෝගය වූ කොරෝනා වසංගතය පාලනයේදී ජීවිතයට එල්ල විය හැකි තර්ජනයන් ද නොසලකමින් රාජකාරියේ නිරත වන යුද හමුදා සාමාජිකයින්ගේ අප‍්‍රමාණ කැප කිරීම මෙම අවස්ථාවේ සිහිපත් කරන බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ. අදට යෙදෙන ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 71 වන සංවත්සර දිනයේදී නිලධාරීන් 514 දෙනෙකුට සහ සෙසු නිලයන් 14,140 දෙනෙකුට උසස්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බව ද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ස`දහන් කළා. 

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත්වූදා සිට මේ දක්වා නිලධාරීන් 1,897 දෙනෙකුට සහ සෙසු නිලයන් 41,910 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී තිබෙනවා.