Friday, May 10, 2024

General line - 0115112241

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

ලසන්ත නිරෝෂණ




වැල්ලදුරේ පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨය තාවකාලිකව අද වසා දැමුණා. ඒ, එම විද්‍යා පීඨයේ සිසු - සිසුවියන් 100 කට ආසන්න පිිරිසක් උදරාබාධයකින් පෙලීම හේතුවෙන්. ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් පැමිණ, අසනීප වූ සිසුන්ට විද්‍යා පීඨය තුළදීම ප‍්‍රතිකාර ලබා දී තිබෙනවා. ආහාර විෂ වීමක් හේතුවෙන් මෙම සිසුන්ට උදරාබාධ තත්ත්වයක් හට ගන්නට ඇති බවයි සැක පළ කෙරෙන්නේ. 

මේ වනවිට රටේ පවතින තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් සිසුන්ට රුවන්පුර අධ්‍යාපන පීඨයේ නේවාසිකාගාරවලින් පිටවන ලෙසයි පාලනාධිකාරිය උපදෙස් ලබා දී ඇත්තේ.