Monday, April 29, 2024

General line - 0115112241

සරසවි ප‍්‍රවේශ කඩඉම් ලකුණු අන්තර්ජාලයට




2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ විශ්ව විද්‍යාල ප‍්‍රවේශ කඩිඉම් ලකුණු අන්තර් ජාලයට එක්කර තිබෙනවා. එම කඩඉම් ලකුණු විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

මෙවර විශ්ව විද්‍යාල ප‍්‍රවේශ  සඳහා සිසුන් 41,000ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ප‍්‍රකාශ කළේ. වෛද්‍ය සිසුන් 371ක් පමණ වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. ඉකුත් වසරේ අගෝස්තු මස පැවති උසස් පෙල විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටියා.