Monday, April 29, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද දිවයිනට




දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දිවයිනට පැමිණෙනවා. 

ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය, මාලදිවයින, සහ ඉන්දුනීසියාව වෙත සිදු කරන සංචාරයන්ට සමගාමීවයි. ඒ අනුව ඔහු ඊයේ පළමුවෙන්ම ඉන්දියාවට පැමිණියා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට දෙදින නිල සංචාරයට එක්වනු ඇති.

හෙට දිනය දක්වා මෙරට රැඳී සිටින අමෙරකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත‍්‍ර කිහිපයක් පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන එරට ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ ද මයික් පොම්පියෝ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සදහා ඔහුගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් රැගත් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් ඉකුත් දා කටුනායක ගුවන් තොටුපොළට පැමිණියා.