Monday, April 29, 2024

General line - 0115112241

පළමු ආශ්‍රිතයන් නිවසේදීම නිරෝධායනය කරනා නව වැඩපිළිවෙල වෛද්‍යවරුන්ගෙන් පැසසුම්




පවතින තත්ත්වය අනුව නිරෝධායන ක‍්‍රමවේදයන් වෙනස් කිරීමට රජය ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. 

හදුනා ගැණෙන ආසාදිතයින්ගේ පළමු ආශි‍්‍රතයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීමටයි රජය ඊයේ සිට තීරණය කළේ. එමෙන්ම PCR පරීක්ෂණ ධනාත්මක වූ පසු එම ආසාදිතයා සෘජුව රෝහල් ගත නොකර අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ද සෞඛ්‍ය අංශ ඊයේ තීරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත් රෝහල්ගත වන වෙනත් රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමට විකල්ප වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බවයි.