Monday, April 29, 2024

General line - 0115112241

තවත් දුම්රිය ගමන්වාර හයක් ධාවනයට එක් කෙරේ




පුත්තලම දුම්රිය මාර්ගයේ සහ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 06 ක් අද සිට ධාවනයට එක් කර තිබෙනවා. 

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 04ක් කි‍්‍රයාත්මක අතර ඉන් දුම්රිය ගමන්වාර දෙකක් හලාවත සිට වයික්කාල දුම්රිය ස්ථානය දක්වාත්, තවත් දුම්රිය ගමන්වාර දෙකක් වයික්කාල දුම්රිය ස්ථානයේ සිට හලාවත දක්වාත් ධාවනය කෙරෙනවා. කැළණිවැලි දුම්රිය මාර්ගයේ ද දුම්රිය ගමන්වාර 02 ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ඉන් එක් දුම්රිය ගමන්වාරයක් නාරාහේන්පිට සිට අවිස්සාවේල්ල දක්වාත් තවත් දුම්රියක් අවිස්සාවේල්ල සිට නාරාහේන්පිට දක්වාත් ධාවනය කෙරෙනවා. කෙසේවෙතත් දුම්රිය මාර්ග අවහිරතාවක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන එම දුම්රියන් අද ධාවනය කෙරෙන්නේ හෝමාගම දුම්රිය ස්ථානයේ සිට නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වාත් එම දුම්රිය ස්ථානයේ සිට හෝමාගම දුම්රිය ස්ථානය දක්වා පමණයි.
 
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් මෙන්ම ගුරුවරුන් හා මව්පියන්ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා මෙම සියලූ දුම්රියන් භාවිතා කරමින් ගමන් කිරීමට ද අවසර ලබාදී තිබෙනවා. 

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 08ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 
එමෙනේම මුහුදුබඩ මාර්ගයේ කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ගමන්වාර 06ක් කි‍්‍රයාත්මකයි. 

තවත් දුම්රිය ගමන්වාර 04ක් පස්වරුවේ කොල්ලූපිටිය දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත, ගාල්ල සහ දකුණු කළුතර බලා ධාවනය කෙරෙනවා. 

අලූත්ගම - ගාල්ල, ගාල්ල - බෙලිඅත්ත, පොල්ගහවෙල - මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලූම කෙටිදුර ධාවන දුම්රියන් නියමිත පරිදි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ස`දහන් කළේ.