Thursday, May 2, 2024

General line - 0115112241

අද සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි




කොවිඞ් 19 නව ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියට අනුව අද සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අගයකින් බස් ගාස්තු ඉහළ යනවා. ඒ අනුව අවම ගාස්තුවද රුපියල් 14 ක් දක්වා ඉහළ යනු ඇති. 

ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියට අනුව මෙලෙස සාමාන්‍ය ගාස්තුව මෙන්ම 1.2 ක් අය කළ හැක්කේ අවදානම් මට්ටම් 2 හෙවත් බස් රථයක මගීන් ආසන සංඛ්‍යාවට පමණක් රැගෙන යන අවස්ථාවකදී පමණයි. 

යම් හෙයකින් අවදානම් මට්ටම 3 හෙවත් ආසනයක් හැර ආසනයක් ලෙස මගීන් රැගෙන යාමට සිදුවුවහොත් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1.5 ක් අය කිරීමට අවසර ලබාදී තිබෙනවා.