"ඉරානයේ බෝම්බ පියා" ලෙස බටහිර රටවල් විසින් අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන එරට ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා.
ඒ ඔහු ගමන් කරමින් තිබු මෝටර් රථයට ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ආසන්නයේ පිහිටි ධමාවාන්ද් හිදී එල්ලවූ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්වූවා.
ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි කියා සිටියේ ප්‍රහාරය එල්ල කළ පිරිස න්‍යෂ්ටික විද්‍යාඥයා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට පෙර බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බවයි.
ප්‍රහාරකයින් සහ මෝෂේන් ගේ ආරක්ෂකයින් අතර එහිදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී මෙම ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම විද්‍යාඥයාගේ ආරක්ෂකයින් 06 දෙනෙකුද මෙහිදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
බටහිර බුද්ධි අංශ සඳහන් කරන පරිදි ඉරානයේ රහස්‍ය න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රධානියා වන්නේ ද මොෂේන් ෆක්රිෂිඩේ බවයි.
ඉරාන විදේශ අමාත්‍යවරයා ටිවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ " ත්‍රස්තවාදීන් විසින් අද දින ඉරානයේ ප්‍රවීන විද්‍යාඥයෙකු ඝාතනය කළ බවත් එමෙන්ම මෙම ප්‍රහාරය ඊශ්‍රායාලයේ සහය ඇතිව සිදුවූවක් බවයි".
මේ අතර ඉරාන විප්ලවීය හමුදාවේ අණදෙන නිලධාරියා සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරයට සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් සියළු දෙනාගෙන් අනිවාර්යෙන්ම පලිගන්නා බවයි.