Saturday, May 4, 2024

General line - 0115112241

වසර 50කට පසු චීනයත් සදමත ධජය සිටුවයි




සද මත සිය ධජය සිටවූ දෙවන රට බවට පත්වීමට චීනය සමත් වී තිබෙනවා. ඒ, අමෙරිකාව සද මත සිය ධජය සිටුවා වසර 50කට වැඩි කාලයකට පසු ප‍්‍රථම වරටයි. චෑන්ග් 05 අභ්‍යාවකාශ යානය මගින් ලබා ගත් චීන ධජයේ ජයාරූප එරට ජාතික අභ්‍යාවකාශ ආයතනය ප‍්‍රකාශයට පත් කිරීමත් සමගයි මෙම තොරතුරු තහවුරු වී ඇත්තේ.

චෑන්ග් යනු සද දෙවගන යන අර්ථය ගෙන දෙනවා. එම නමින් චීනය ඇරඹූ අභ්‍යාවකාශ මෙහෙයුමේ අවසන් අදියර ලෙස ඊට එක්වූ රෝබෝ යානය සද මතුපිිටින් නික්ම වි ඇත්තේ සඳේ පස් සහ පාෂාණ ද රැගෙනයි.

මෙම මෙහෙයුම යටතේ සෙද් පාෂාණ කිලෝ ග‍්‍රෑම් 02ක් රැස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් වසර 44කට පසුව සදහි පස් සාම්පල පෘතුවියට රැුගෙන එන තුන්වන රට බවට චීනය පත්වනු ඇති.

1969 වසරේ අමෙරිකවේ ඇපලෝ 11 අභ්‍යාවකාශ මෙහෙයුමේදී එරට විසින් සිය ධජය පළමුවරට සද මත සිටුවීම සිදු කළා. 1972 වන විට අමෙරිකානු ධඡ 05ක් සද මත සිටුවීමටද ඔවුන්ට හැකි වුණා. චීනයද මීට පෙර අභ්‍යාවකාශ මෙහෙයුම් දෙකක් සිදු කළද ඔවුන්ට සද මත සිය ධජය සිටුවීමට හැකි වුණේ නැහැ.