Tuesday, May 7, 2024

General line - 0115112241

මහනුවර දිගින් දිගටම සිදුවන භූ කම්පන අනතුරක පෙරනිමිතිද ?




මහනුවර, ප‍්‍රදේශයේ දිගින් දිගටම සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකට දැන් පත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ පෙරේදා පස්වරුවේත් දිගන ප‍්‍රදේශය ආශ‍්‍රිතව සුළු භූ කම්පන 3 ක් සමග කම්පන මාලාවක් සිදු වීම සැලකිය යුතු තත්ත්වයක් බවයි.

දිගින් දිගටම සිදුවන භූ කම්පනවලට සැබෑ හේතුව කුමක්දැයි සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවා.

ඉකුත් නොවැම්බර් මස 18 වනදාද මහනුවර ප‍්‍රදේශයේ භූ කම්පනයක් ඇති වුණා. ඊයේ දිනයේ හට ගත් කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බවයි ජලාශයේ කාර්යය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය නෙත් නිවුස් වෙත කියා සිටියේ. කෙසේවෙතත් එම සියලූ‍ කම්පන සටහන් වුයේ රිච්ටර් මාපාංකයේ ඒකක 2 ට අඩු අගයකයි.