Wednesday, May 8, 2024

General line - 0115112241

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය වජිරගෙන් දැඩි විවේචනයක්




මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට වත්මන් රජය සැරසීම විශාල මහජන මුදල් කොල්ලයක ඇරඹුවමක් විය හැකි බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතා හිටපු අමාත්‍යවරයා පැවසූවේ දශක කිහිපයක් ඔස්සේ මහජන උපයෝගිතා කොමිසම දේශපාලකයන්ගේ අනවශ්‍ය වියදම් හා දූෂණ, වංචා කපා හැර රටට බිලියන ගණනින් මුදල් ඉතිරි කර දුන් බවයි.

එවැනි පසුබිමක වත්මන් රජය එම කොමිසම අහෝසි කිරීමට උත්සාහ ගන්නේ දූෂණ හා වංචා සිදුකිරීමට පහසු වීමටදැයිද ඒ මහතා ප්‍රශ්න කරනවා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 

"මෙම කොමිෂන් පනත සම්මත වීමෙන් පසු මෙම කොමිෂන් සභාවේ වලංගුතාවය ඇති වන්නේ අනෙක් අන පනත් සම්මත වීමෙන් පසුවයි. එමෙන්ම මෙම කොමිෂන් සභාව අනාගතයේදි සේවයකර හැකි වන්නේ අදාල අනෙක් අන පනත් සම්මත වීමත් සමගයි.

උදාහරණයක් ලෙස මේ වනවිට ජලය සම්බන්ධ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබේ. එමෙන්ම පසුගිය රජය කාලයේ විදුලි බල හිගයක් එන බව ප්‍රකාශ කර විදුලි නල බාජ් එකක් ගෙන ඒම සඳහා කටයුතු සුදානම් කර තිබූ මොහොතක කැඹිනට් මණ්ඩලයද අනුමත කර තිබූ මොහොතක එය අනුමම්ත නොකිරීම තුල එය මෙම කොමිෂන් සභාව සභාව විසින් වසරකට රුපියල් බිලියන 2.5ක් පමණ මහජනතාවගේ මුදල් ඉතිරි වී තිබේ. මෙය එක් උදාහරණයක් පමණි.

මෙම කොමිෂන් සභාව මහජනතාවගේ පිට පැටවෙන බදු මුදල් පාලනය කිරීම සඳහා තිබෙන කොමිසමක් ලෙස හැඳින්විය හැකියි." යනුවෙනි.