Monday, April 29, 2024

General line - 0115112241

රෝහල් ගත මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 8,000 ඉක්මවයි




මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට අට දහසේ සීමාව අද දිනයේදී ඉක්මවා ගියා. ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 694ක් වාර්තා වීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30,072ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදන මරණ දෙකක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය වන විට කොවිඩ් ආසාදිතව රෝහල් ගත කර ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,128ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800ක්.