Saturday, May 4, 2024

General line - 0115112241

අමෙරිකාවේ අවධානම්, මිලියන 21ක් හදිසියේ එන්නත් කරයි




ලෝකයේ කථාබහට ලක්වූ අමෙරිකාවේ ෆයිසර් - බයෝ එන්ටෙක් කොරෝනා එන්නත සඳහා හදිසි අනුමැතිය නිර්දේශ කිරීමට අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එරට රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන්නේ අවධානම් කණ්ඩායමේ සිටින රටේ සෞඛ්‍ය සේවකයින් මිලියන 21 කට පළමුව එන්නත ලබා දෙන බවයි. දිගු කාලීන සත්කාරක නිවාසවල ජීවත් වන මිලියන තුනක වයෝවෘද්ධ අමෙරිකානුවන්ට ද ප‍්‍රමුඛත්වය දිය යුතු බව ඔවුන් පවසනවා.

මෙම එන්නතේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා 23 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කළ අතර ඔවුන්ගේ තීරණයකට අනුවයි අමෙරිකාවේ ෆයිසර් - බයෝ එන්ටෙක් කොරෝනා එන්නත සඳහා හදිසි අනුමැතිය නිර්දේශ කිරීමට අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය පියවර ගෙන ඇත්තේ. ෆයිසර් එන්නත එක්සත් රාජධානියේ, කැනඩාවේ, බහරේනයේ සහ සෞදි අරාබියේ මහජනතාව සඳහා දැනටමත් අනුමත කර තිබෙනවා.

ගතවූ පැය 24 ක කාලය තුළ අමෙරිකවේ කොරෝනා මරණ 3,000 කට වඩා සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය ලොව  ඕනෑම රටකින් එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම අගයයි.