Saturday, May 4, 2024

General line - 0115112241

චීනයේ ගුවන් කාර්යය මණ්ඩලයට වැසිකිළි යාම තහනම්




චීනයේ ගුවන් යානා කාර්යය මණ්ඩලයට ගුවන් යානය තුළදී වැසිකිලි භාවිත කිරීම තහනම් කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමේ  පියවරක් ලෙසයි. එයද කොන්දෙසියක් බවට පත් කරමින් චීනයේ සිවිල් ගුවන් නියාමන ආයතනය විසින් ගුවන් සමාගම් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කරනු ලැබ තිබෙනවා. 

එය ඇතුළත් කර ඇත්තේ ගුවන් සමාගම් සඳහා නව මාර්ගෝපදේශයන්හි ඇතුළත් පුද්ගලික ආරක්ෂක උපකරණ පිළිබඳ කොටසටයි. 

එහි දැක්වෙන්නේ ගුවන් යානා කාර්ය මණ්ඩල, ගුවන් ගමන් අතරතුර වැසිකිළිය භාවිත නොකර ඉවත දැමිය හැකි නැප්කින් ඇඳීම සුදුසු බවයි. කෙසේවෙතත් එම නිර්දේශය විශේෂයෙන්ම බලපැවැත්වෙන්නේ කොරෝනා වෛරසය පැතිර ඇති අධි අවදානම් රටවල් සඳහා පිටත්ව යන විශේෂ ගුවන්යානාවල කාර්ය මණ්ඩල සඳහායි. ඒ අනුව නැප්කින් පිළිබඳ නිර්දේශය සෑම මිලියනයක ජනතාවක් තුළ ආසාදන 500 ඉක්මවන ස්ථාන කරා සහ ඉන් පිටතට යන වරලත් ගුවන් ගමන් සඳහා අදාළ වනු ඇති. 

එහෙත් ගුවන් නියමු කාර්ය මණ්ඩලවලට නැප්කින් ඇඳීම ස`දහා නිර්දේශ කර නොමැති වීමද කැපීපෙනෙන සිද්ධියක්. ඔවුන්ට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් සහ උපකරණ රැුසක් නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව පුර බොහෝ ගුවන් සමාගම් ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙර විවිධ වෙනස්කම් අත්හදා බලමින් සිටින අතර චීනය ගත් මෙම කි‍්‍රයාමාර්ගය ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.