Saturday, May 4, 2024

General line - 0115112241

ජෝ බයිඩ්න් සහ කමලා හැරිස් 2020 වසරේ පුද්ගලයින් ලෙස සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව නම් කරයි 




අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න් හා ඔහුගේ පාලනය යටතේ එරට උප ජනාධිපති ලෙස පත්වීමට නියමිත කමලා හැරිස්, 2020 වසරේ පුද්ගලයින් ලෙස නම් කර තිබෙනවා. ඒ, ටයිම්ස් සගරාව විසින්. 

එම සගරාව පවසන්නේ ජෝ බයිඞ්න් හා කමලා හැරිස් එක්ව, අමෙරිකාව නව මාවතකට රැගෙන ආ බවයි. එසේම ඔවුන් එකට එක්ව සාර්ථකව අලෙවි කළ දෑ, අමෙරිකානුවන් මිලදී ගත් බව ද, ජෝ බයිඞ්න් හා කමලා හැරිස් වාර්තා අතරට රැගෙන යමින් ටයිම්ස් සගරාව සඳහන් කළා. 

ජෝ බයිඞ්න් හා කමලා හැරිස්, වර්ෂයේ පුද්ගලයින් ලෙස නම් කිරීම සඳහා හේතුවූ තවත් කරුණක් ලෙස ටයිම්ස් සගරාව පෙන්වා දෙන්නේ, ඉකුත් ජනාධිපතිවරණයේදී ජෝ බයිඞ්න් ලද වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයයි. ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලද වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගනිමින් ජෝ බයිඞ්න් ඉදිරියට පැමිණ ඇති බව ද ටයිම්ස් සගරාව පෙන්වා දෙනවා. 

එසේම ජෝ බයිඞ්න් අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ අඩි පාරේ යන බවක් පෙන්නුම් කරන බවයි ටයිම්ස් සගරාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.