Friday, May 10, 2024

General line - 0115112241

තංගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ගැටලුව මෙතෙක් විසඳි නැහැ




සීමාසහිත තංගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ මතුව ඇති ගැටලූව සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබා දී නොමැති බව එහි සාමාන්‍යාධිකාරී කේ. සරත්චන්ද්‍ර පවසනවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකු විසින් වෙනත් පිරිසක් එම තනතුරු සදහා පත් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

නෙත් නිවුස් ද ඉකුත්දා මේ සම්බන්ධයෙන් අනාවරණය කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් ආර් ජී කන්නංගරගෙන් නැවත වරක් විමසීමක් කළා. ඔහු ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බවයි.