Friday, May 10, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සැකයට ශී‍්‍රලනිපයෙන් පිළිතුරක්




පළාත් සභා මැතිවරණය පැවැත්වීම යම්කිිසි කාලයකට කල් දැමීම සම්බන්ධයෙන් සිය පක්ෂය එකඟ වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායන පවසනවා. යම් යම් ගැටළු පැවතිය ද කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක අවස්ථාවකදී 2015 වසරේ මෙන් ආණ්ඩුව අපහසුතාවට පත් කරන ආකාරයේ තීන්දුවක් ගනීදැයි සැක මතුවන බවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉකුත්දා කළ ප‍්‍රකාශයට ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී පිළිතුරු ලබාදුන්නා.