Friday, May 10, 2024

General line - 0115112241

රුසියානු කොවිඞ් මර්දන එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මූලික එකඟතාවක්




ඇස්ට‍්‍රසෙනෙකා සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - වී, කොවිඞ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ස්පුට්නික් - වී, එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ අදාළ එන්නත නිපදවන සමාගම අතර ඊයේ දිනය වනවිට මූලික එකඟතාවන්ට පැමිණ ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

රටට අවශ්‍ය ප‍්‍රධාන ඖෂධ 12 ක් මෙම වසර තුළ නිපදවීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙරටට අවශ්‍ය සේලයින් මෙරටදීම නිපදවීම මෙම වසරේ පළමු කාර්තුව අවසන් වීමට පෙර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.