Friday, May 10, 2024

General line - 0115112241

සේනා මර්දනයට පැමිණි කණ්ඩායම ගැන ගොවි සංවිධානයක් සැකයෙන්




සේනා දළඹු උවදුර මර්ධනය කිරීමට උපදෙස් ලබා දීමේ අරමුණින් රුවන්ඩාවේ සිට මෙරටට පැමිණි විශේෂඥ පරීක්ෂණ කණ්ඩායම පිළිබ`ද සැක මතුවන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ, අමෙරිකාවට අවශ්‍යවන පරිදි මෙරට බඩඉරිගු වගාව විනාශ කර දැමීමේ කුමන්ත‍්‍රණයක් දැයි එම විශේෂඥ පරීක්ෂණ කණ්ඩායම දිවයිනට පැමිණීම හරහා තමන්ට සැකයක් පවතින බවයි.

රුවන්ඩාවේ සිට මෙරටට පැමිණි එම විශේෂඥ පරීක්ෂණ කණ්ඩායම පිළිබඳ කෘෂිකර්ම බලධාරීන් දැනුවත් වී නොතිබීමද ගැටලූවක් බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.

2018 වසරේ පළමු වරට මෙරටින් සේනා දළඹු විශේෂය වාර්තා වූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

රුවන්ඩාවේ සිට ඊයේ පැමිණි විශේෂඥ කණ්ඩායම අනුරාධපුර ප‍්‍රදේශයට ගොස් සේනා දළඹු උවදුරට ලක්ව ඇති බඩඉරිගු වගාවන් නිරීක්ෂණය කර තිබෙනවා.