Friday, May 10, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත ලබාදීමේ දැවැන්ත පෙරහුරැවක් අද ඉන්දියාවේදී




කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ දැවැන්ත පෙරහුරැවක් අද ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි පැවැත්වේ.

සියලුම ප්‍රාන්තවල අගනගර හෝ ප්‍රධාන නගර ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම පෙරහුරැවේදී එන්නත ලබාදීමේ ක්‍රියාවලිය පිළිබද තක්සේරැ කිරීමට සහ ගැටලු හදුනාගැනීමට නියමිතයි.

එන්නත් නිකුත් කිරීම, ප්‍රවාහනය,ගබඩා කිරීම, ලබාදීම, ඒ පිලිබද දත්ත ගබඩා කරගැනීම ආදී සියලු ක්‍රියාවලීන් මෙම පෙරහුරැවට ඇතුළත්වන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙි අතර ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙන්සා සමාගම සමග එක්ව ඉන්දියාවේ සීරම් ඉන්ඩස්ට්‍රිස් ආයතනය නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නතට ඒ පිළිබද වන ඉන්දීය රජයේ විශේෂඥ කමිටුවේ අනුමැතිය ඊයේ හිමිවිය.

ඒ අනුව එන්නත අවසන් අනුමැතිය සදහා ඉන්දීය ඖෂධ පාලන ජනරාල්වරයා වෙත යවා තිබේ.

ජනවාරි මාසය තුළදී ඉන්දියාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන  ආරම්භ කිරීමට නියමිත අතර මාස හයත් අ⁣ටත් අතර කාලයක් තුළදී කෝටි හැටක පමණ පිරිසකට එන්නත ලබාදීමට අපේක්ෂිතයි.