Friday, May 10, 2024

General line - 0115112241

පානම කලහ කළ දිවියෙකු සොයා යුද හමුදා සහ වනජීවි නිලධාරීන් මෙහෙයුමක




පානම, කුඩිම්බිගල අභය භූමිය තුළදී පුද්ගලයෙකු මරණයට පත් කළ දිවියා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ යුද හමුදා සහ වනජීවී නිලධාරීන් එක්ව එම මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති බවයි.

මේ අතර පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් පස් දෙනා පොතුවිල් අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.