Friday, May 10, 2024

General line - 0115112241

තලේබාන්වරැන්ට  සහය දෙමින් තමන්ට හානිකරන බවට ඇෆ්ගනිස්තානයෙන් පකිස්තානයට චෝදනා




තලේබාන් සංවිධානයට දිගින් දිගටම පහසුකම් සපයමින් තම රටේ ස්වාධිපත්‍යයට,ජාතික ඒකාබද්ධතාවට  සහ ආරක්ෂාවට හානි කරන බවට ඇෆ්ගනිස්තානය පකිස්තානයට චෝදනා එල්ල කර තිබෙි.

ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍යාංශ්‍යය නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ  පකිස්තානයේ ක්‍රියාකාරකම් තම රටට සාමය උදාකරගැනීමට බාධාවක් වී ඇති බවයි.

අදාළ නිවේදනය නිකුත් කෙරැණේ තලේබාන් සංවිධානයේ ඉහළ පෙලේ නායකයන් පිරිසක් පකිස්තානයේ පිහිටි එම සංවිධානයේ පුහුණු කදවුරැ කිහිපයක් නිරීක්ෂණය කරමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමගයි.

අදාළ වීඩියෝ පටවලින් තලේබාන් සංවිධානයට පහසුකම් සපයන බවට දිගුකාලීනව පකිස්තානයට එල්ල වී ඇති චෝදනා සනාථ වන බව ඇෆ්ගනිස්තානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ පිලිබද සෘජුව ප්‍රතිචාර නොදක්වන පකිස්තාන විදේශ අමාත්‍යාංශය සදහන් කරන්නේ   තම රට ඇෆ්ගනිස්තාන රජය සහ තලේබාන් සංවිධානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා සදහා පහසුකම් සපයන්නෙකු ලෙස දිගින් දිගටම කටයුතු කරන බවකි.