Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාව අයිස් හොකී නංවන්නට සැරසෙයි




ලොව වේගවත්ම ක්‍රීඩාව වන අයිස් හොකී ක්‍රීඩාව නැංවීම සදහා ඉන්දියාව විශේෂ වැඩපිලිවෙලක් දියත් කර තිබේ.

එරට කාශ්මීර ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන මෙම වැඩපිලිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ඒ අනුව ජනවාරි මස 14 දින කාශ්මීරයේ ගුල්මාර්ග් ප්‍රදේශය ආශ්‍රිතව අයිස් හොකී පුහුණු කදවුරක් පැවැත්වෙන බව වාර්තා වේ.

ජනවාරි මස 16 සිට 22 දක්වා එම ප්‍රදේශය ආශ්‍රිතවම ජාතික අයිස් හොකී ශුරතාවලියක්ද පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙි.

උතුරැ ඉන්දියාවේ අයිස් හොකී ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම තුළින් දේශිය සහ කලාපීය වශයෙන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට හැකිවනු ඇති බවට ඉන්දීය අයිස් හොකී සම්මේලනය විශ්වාසය පළකරයි.