Thursday, May 2, 2024

General line - 0115112241

ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් යලි අත්අඩංගුවට




ඊ ටී අයි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ මුදල් අවභාවිතය හා වෙනත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.