Wednesday, May 8, 2024

General line - 0115112241

ග‍්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ ඇඳිරිනීතිය ඉවත් කරයි




කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග හුදෙකලා කෙරුණු ග‍්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ අද අලූයම 05 සිට එම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.

එහි විශේෂත්වය වන්නේ එම ප‍්‍රදේශ දින 66 කට වැඩි කාලයක් හුදෙකලා තත්ත්වයෙන් පැවතීමයි. තමන් ජීවත් වන ප‍්‍රදේශ අද අලූයම සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවට ප‍්‍රකාශවීමත් සමග ඊයේ පස්වරුවේ සිටම ජනතාව උද්යෝගයෙන් පසුවූ බවයි එහි රැඳී සිටි නෙත් නිවුස් වාර්තාකරු කසුන් කැලූම් කුමාර පැවසුවේ.

හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීම එම ජනතාවට, නව අවුරුද්ද උදාවූවා සේ හැගීමකින් දැනී තිබූ බව ද, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
මීට අමතරව ගම්පහ දිස්ති‍්‍රක්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග‍්‍රාම නිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ වෙඩිකන්ද සහ මීගමුව පොලිස් වසමේ තල්දූව ග‍්‍රාම නිලධාරී වසමේ ඵක්‍ නිවාස යෝජනා ක‍්‍රමය අද අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.