Sunday, May 5, 2024

General line - 0115112241

බස්නාහිරින් පිටවීමට ගිය තවත් 07 දෙනෙකුට කොරෝනා




බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ස්ථාන 11 කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසනවා. පුද්ගලයින් 326 දෙනෙකු එලෙස ඊයේ දිනයේදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටි බවයි පොලිසිය පැවසුවේ.

ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර අහඹු ලෙස සිදුකරන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බව ද පොලීසිය පැවසුවා.