Thursday, May 16, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු මෙහෙයවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනේ

රංජිත් රාජපක්ෂ - හැටන් 




ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 18ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද සොයා ගනු ලැබුවා. ඒ කොස්ගොඩ ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදීයි.

මෙම බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මෙම මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කා නමැත්තාගේ සමීපතමයෙකු වන ලැටී නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා නැඹුරුවීමට හේතුවූ කරුණක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී අනාවරණයක් සිදු කළා.

මේ අතර අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැුගෙන ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නල්ලතන්නිය, සීත ගගුල පාලම අසලදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල සහ ගල්කිස්ස ප‍්‍රදේශවල පදිංචි 31 හැවිරිදි සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 92 ක් සහ අයිස් මිලිග‍්‍රෑම් 500 ක් සොයා ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.