Thursday, May 16, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 15 දෙනෙකුගේ PCR වාර්තා පිටවෙයි




ඉකුත් 13 වනදා PCR පරීක්ෂණ සිදුකළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 15 දෙනාට, කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ එදින, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 463 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකළ බවයි.  එම සියලූ පරීක්ෂණවල වාර්තා මේවනවිට නිකුත් වී ඇති බව ද ඔහු පැවසුවා.

ඒ අතරින් සිව්දෙනෙකුගේ වාර්තා පමණක් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, අනෙක් පිරිසගේ PCR පරීක්ෂණ වාර්තාවල ගැටලූවක් නොමැති බවත්, වේත‍්‍රධාරිවරයා සඳහන් කළා. එලෙස වැඩිදුර පරීක්ෂණ සඳහා වාර්තා යොමු කෙරුණු සිව්දෙනා අතර කිසිඳු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු නොමැති බවයි වේත‍්‍රධාරීවරයා පැවසුවේ.  

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද ඇතුළුව පුද්ගලයින් 200 දෙනෙකුට පමණ මේවනවිට PCR පරීක්ෂණ සිදුකෙරෙමින් ඇති බව ද පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ට සහ කාර්යය මණ්ඩලයට මෙලෙස ඡුක්‍ඍ පරීක්ෂණ සිදුකෙරෙන්නේ.