Monday, May 6, 2024

General line - 0115112241

වරාය වෘත්තිය සමිතිවලින් රජයට අද යෝජනා මාලාවක්




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබද සහ එම පර්යන්තයෙන් රටට අත්වන වාසි පිළිබද සකස් කෙරුණු යෝජනා මාලාවක් වරාය වෘත්තීය සමිති විසින් අද දිනයේ රජය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

වරාය වෘත්තීය සමිති ඉකුත්දා චෝදනා කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 49ක් ආණ්ඩුව විදෙස් ආයෝජකයෙකුට ලබාදීමේ සූදානමක් ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ජාවක්ද  ඉකුත්දා පැවැත්වු අතර එම සාකච්ජාවද අසාර්ථක වුණා.

පසුව ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබුණේ මේ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් සකස් කර ලබාදෙන ලෙසයි.  ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23ක් ඊයේ පස්වරු රැස්වී මෙම යෝජනා මාලාව සකස් කර තිබෙනවා. එම යෝජනා මාලාව අද දිනයේදී මෙම ගැටලූව සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කෙරුණු කැබිනට් අනුකමිටුව වෙත භාර දෙන බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි වරාය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමාල් සුමනරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ.

වරාය වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අද ලබාදෙන යෝජනාවලිය පිළිබද අවධානය යොමු කර මෙම ගැටලූව නිරාකරණය කර ගැනීමට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ස්ථාවරය ඍජුව ප‍්‍රකාශ කළ යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ සි අලවතුවල පැවසුවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධය පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකද අදහස් පළ කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.