Sunday, May 5, 2024

General line - 0115112241

තිරිමාන්න සහ මැතිව්ස් ශී‍්‍ර ලංකා ඉනිම ගොඩ නැගීමේ සටනක




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරනවිට කඩුුලූ 02 ක් දැවී ලකුණු 76 ක් රැස්කරගෙන සිටියා. 

දිවා ආහාරය සඳහා තරඟය නතර කරනවිට ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 43 ක් රැස්කරගෙන සිටි අතර ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 26 ක්. 

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 06කට දැවී ගියා. ඒ, ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ලකුණු 07 ක් ලෙස සටහන්ව තිබියදීයි. ඉන් අනතුරුව පිටියට පිවිසි  ඕෂධ ප‍්‍රනාන්දු ද ලකුණු නොලබා දැවී ගිය අතර එම කඩුලූ 02 ම දවාගත්තේ ජේම්ස් ඇන්ඩර්සන් විසින්. මෙම තරඟයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් වරම් හිමි කරගැනීම විශේෂත්වයක්.