Thursday, May 16, 2024

General line - 0115112241

නැගෙනහිර පර්යන්තය ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ - ආණ්ඩුව කියයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

මේ අතර සමගි ජන බලවේගය අද පැවති මාධ්‍ය හමුවකදීද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සහ ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ එම මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා.