Sunday, May 5, 2024

General line - 0115112241

කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 40% කින් කප්පාදු කිරීමට යයි




කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් සියයට 40 කින් කප්පාදු කිරීම පිළිබද ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ වැඩි අවධානය යොමුව තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ නිමා වූ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීම සදහා මේවනවිට සාකච්ඡා සිදු කරමින් සිටින බවයි. 

දක්ෂතා මත පදනම් වූ දීමනා ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ඉකුත්දා ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශයත් සමගයි කොන්ත්‍රාත් ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් සියයට 40 කින් කප්පාදු කිරීමට 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවුණේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් 120,000 ක වාර්ෂික කොන්ත්‍රාත්තුවකට හිමිකම් කියන ක්‍රීීඩකයෙකුගේ කොන්ත්‍රාත් වටිනාකම අමෙරිකානු ඩොලර් 70,000 දක්වා අඩු වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ටෙස්ට් තරගයක් සදහා ඩොලර් 7,500 ක මුදලක් ද එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 14 කට අධික මුදලක් ද, එක්දින තරගයක් සදහා ඩොලර් 4000 ක මුදලක් ද, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත්ලක්ෂයට අධික මුදලක්ද ක්‍රීඩකයෙකුට හිමිවනවා. 

20යි 20 තරගයක් සදහා ඩොලර් 2000 ක මුදලක් ද එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්ලක්ෂ අසූදහසකට අධික මුදලක්ද ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ට ගෙවනු ලබනවා. 

ඒ අනුව කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කර, ජයග්‍රහණවලදී තරග ගාස්තු දෙගුණයකින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේවනවිට අවධානය යොමුව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.