Sunday, May 5, 2024

General line - 0115112241

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ගැන චීනය මධ්‍යස්ථ මතයක - කලාපයේ තවත් රටවල් කිහිපයක් නිහඬ වෙයි




කුමන්ත්‍රණයකින් අනතුරුව මියන්මාරයේ රාජ්‍ය පාලනය එරට හමුදාව විසින් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මේවනවිට ලොව රටවල් රැසක් සිය විරෝධය පළ කරමින් සිටිනවා. බටහිර රටවල් මෙන්ම යුරෝපා රටවල් හා ඕස්ට්‍රේලියාව ද එලෙස මියන්මාර හමුදාවේ ක්‍රියාකලාපය විවේචනය කරන රටවල් අතරින් ප්‍රමුඛයි.

කෙසේවෙතත් ආසියානු කලාපයේ රටක් මෙන්ම සිය අසල්වැසියෙකු ද වන මියන්මාරයේ සිදුවූ මෙම බල පෙරළිය සම්බන්ධයෙන් කලාපීය බලවතෙකු වන චිනය මධ්‍යස්ථ මතයක සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ලොව රටවල් රැසක් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විරෝධය පළ කරද්දී චීනය එලෙස මධ්‍යස්ථ මතයක සිට සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා. ඒ අනුව චීනය පවසන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන ලෙස තමන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. එසේම කලාපීය රටවල් කිහිපයක් ද මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මියන්මාරයේ සමීපතමයෙකු හා අසල්වැසි රටක් වන තායිලන්තය ද එරට හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ දක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.