Sunday, May 5, 2024

General line - 0115112241

"ව්‍යායාම උපදේශිකාවකගේ" වීඩියෝවේ සටහන් වූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය (VIDEO)




මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇරොබික් ව්‍යායාම කිරීමේ නර්තන පන්තියක් පවත්වමින් සිටි උපදේශිකාවකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු මොහොත නොදැනුවත්වම රූගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අදාළ උපදේශිකාව මේ වන විට ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ශාරීරික අධ්‍යාපනය උගන්වන උපදේශිකාවක් වන ඇය මාස 11ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ ව්‍යායාම්වල නිරතව ඒවාරූගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Khing Hnin Wai නමැති උපදේශිකාව ව්‍යායාම රූගත කිරීම සිදු කර ඇති අතර එහි පසුබිම, කළු පැහැති හමුදා රථ පාර්ලිමේන්තුවේ ආරක්ෂක මුරපොළ වෙත යන ආකාරය දර්ශනය වේ.

කෙසේ වෙතත්, එම දර්ශන අනුව තමන්ට පසුපසින් සිදු වන සිද්ධි සමුදාය පිළිබඳව ඇය හාංකවිසයකින් හෝ දැනුවත්ව නොසිටි බවට පෙනී යනවා. 

මියන්මාරයේ ජනාධිපතිවරයා, අවුන් සාන් සුචි ඇතුළු ප්‍රධාන පෙලේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් නිවාස අඩස්සියට පත් කරමින් රටේ පාලනය අත්පත් කර ගැනීමට එරට හමුදාව ඊයේ කටයුතු කරනු ලැබුවා.

එහි පළමු පියවර ලෙස මියන්මාර හමුදාව විසින් එරට අගනුවර පිහිටි පාර්ලිමේන්තුව ඔවුන් ගේ යටතට පත්කර ගැනීමයි.